දවසකට බිත්තර දෙකක් ආහාරයට ගැනීමෙන් සිදුවන දේ ඇසුවොත් ඔබ පුදුම වේවි

බිත්තර ආහාරයට ගැනීම පිළිබඳ විවිධ මත තිබෙනවා. ඇතැම් අය කියන්නේ එයින් කොලෙස්ටරෝල් වැඩි වීම වගේ ප්‍රශ්න එන බවයි. මේ අතර එහි කිසිදු ගැටලුවක් නැහැ කියලා කියන අයත් ඉන්නවා. මේ නිසා, ළඟදී වාර්තා වූ විවිධ පර්යේෂණයන්වල ප්‍රතිඵලත් ආශ්‍රය කරගනිමින්, කිකිළි බිත්තරවල ගුණ පිළිබඳ ඔබට යමක් කියන්න අප තීරණය කළා.

දවසකට බිත්තර දෙකක් නැත්නම් තුනක් ආහාරයට ගැනීමෙන් පහත සඳහන් වාසි සැලසෙනවා.

1. මොළයට අවශ්‍ය කෝලීන් ලැබෙනවා
මොළයේ සෛලවල සන්නිවේදන කටයුතු පාලනය වන පොස්පොලිපිඩ වල සංඝටකයක් තමයි කෝලීන්. මෙය මොළයේ වැදගත්ම සංඝටකය වන බව පෙන්වා දී තිබෙනවා. කෝලීන් අඩු වුණාම මතක ශක්තිය දුර්වල වෙනවා. නමුත් බිත්තර දෙකක් දවසකට ආහාරයට ගත්තොත් මොළයේ කෝලීන් අවශ්‍යතාව සම්පූර්ණ වනවා.

2. ඇස් පෙනීම ආරක්ෂා වනවා
කිකිළි බිත්තරවල ලුටෙයින් තිබෙන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. මෙය ඇස් පෙනීම හොඳ තත්ත්වයේ තිබීමට හේතුවන රසායනිකයක්. එය අඩු වුනාම ඇසෙහි සෛලවලට හානි වී ඇස් පෙනීම දුර්වල වෙන්න පුළුවන්

3. විටමින් D
තම්බාපු බිත්තරයක සැලකිය යුතු විටමින් D ප්‍රමාණයක් තිබෙනවා. එයින් කැල්සියම් උරා ගැනීම පහසු කරන අතර ඒ නිසා දත් සහ අස්ථි සවිමත් වන්නට හේතු වනවා.

4. හිසකෙස්, සම​, අක්මාව​
බිත්තර වලින් බයොටින් ලැබෙන අතර එය හිසකෙස් වගේම සමේ ආරක්ෂාවටත් වැදගත් වනවා. ඒ වගේම එහි වන පොස්පොලිපිඩ් වලින් අක්මාවෙන් විෂ සහිත රසායනිකයන් ඉවත් කිරීම පහසු කරනවා.

5. හදවත් රෝග පාලනය
බිත්තර වලින් කොලෙස්ටරෝල් වැඩි කරන බව සාමාන්‍ය පිළිගැනීම වුණත්, එම කොලෙස්ටරෝල් පොස්පොටයිඩ් නම් රසායනිකයක් මගින් පාලනය කෙරෙන බව මෑතකදී කළ පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. එමෙන්ම එයින් ශරීරයේ කොලෙස්ටරෝල් නිපදවීම ද පාලනය කරනවා. ඒ අනුව බිත්තර ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් වැඩි වීමක් වෙන්නේ නැහැ. ඊට අමරතව බිතරවල ඔමේගා-3 අම්ල අඩංගු හෙයින් ට්‍රයිග්ලිසරයිඩ පාලනයෙන් ද හදවත් රෝග අඩු කරන්න දායක වනවා

6. ශරීරයේ බර අඩු වීම
උදෑසන ආහාරයට කැලරි අඩු ආහාර වේලක් සමඟ බිත්තර ආහාරයට ගත්තොත් ඔබට බර අඩු කරගැනීමේ හැකියාව තිබෙන බව මෑතකදී කළ පර්යේෂණයකින් කියැවුණා. බිත්තර ආහාරයට ගැනීමෙන් වැඩි වේලාවක් බඩගිනි ඇති නොවන නිසා ඊළඟ ආහාර වේලට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරගත හැකි බවයි පැවසෙන්නේ.

7. පිළිකා පාලනය​
කලින් සඳහන් කරපු කෝලීන් හේතුවෙන් පිළිකා ඇතිවීමද පාලනය කරන බව සොයාගෙන තිබෙනවා. වැඩෙන වයසේදී බිත්තර නිතර ආහාරයට ගත් කාන්තාවන් ගේ පියයුරු පිළිකා සෑදීමේ සම්භාවිතාව සියයට 18 කින් පමණ අඩුවන බව පර්යේෂකයන් පෙන්වා දුන්නා.

8. දරුවන් ලැබීමේදී
දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට ෆෝලික් අම්ල පෙති ලබා දෙන බව ඔබ දන්නවා. මෙය දරු පිළිසිඳ ගැනීමක් වූ පසු කළලයේ වර්ධනයට වැදගත් වන බී විටමින් කාණ්ඩයේ එක් විටමිනයක්. බිත්තරයක ෆෝලික් අම්ලය මයික්‍රෝ ග්‍රෑම් 7 ක් අඩංගු වනවා.

9. වයසට යෑම පාලනය​
නෙදර්ලන්තයේදී කළ පර්යේෂණයකින් හෙළි වුණේ මුහුණේ ලප සහ රැළි වැටීම අඩු කිරීමට බිත්තර ආහාරයට ගැනීම උපකාර වන බවයි.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.