නමේ මුල අකුරින් ඔබේ ජීවිතය ගැන කියවෙන ගතිගුණ මෙන්න

මේ ලොකේ ඉපදෙන ඕනෑම මනුෂ්‍යයෙකුට තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් නමක් ලැබෙනවා. අපේ රටේ ක්‍රමයට අනුව නම් කෙනෙක් උපන් වේලාවට අනුව තමයි නමක් දැමීමට සුදුසු අකුරු ලැබෙන්නේ. නමක අකුරු අනුව සැකසුනු අංක විද්‍යාත්මක ක්‍රම ඇතුළුව බොහෝ ක්‍රම මගින් යමෙකුගේ නමේ අකුරු අනුව ගතිගුණ කියන ක්‍රමවේද ලොව බොහෝ රටවල පවතිනවා.

මේ ලිපියෙන් කියවෙන්නේ නමක මුල් අකුර අනුව ඉංග්‍රීසි හෝඩියේ සම්බන්ධකරමින් සැකසුණු ගතිගුණ පැවසෙන ක්‍රමයකි.

A – ශෘංගාරයට කැමති විචිත්‍රවත් චරිතයක්
B – අභිමානයට කැමති තරමක් අහංකාර චරිතයක්
C – ඔබ අහිංසකයි වැරදි වැඩකරන කෙනෙක් නෙවෙයි
D – ඔබ ආදරණීය ප්‍රියවඩන චරිතයක්
E – ඔබ අනුන්ට දුක් වේදනා දෙන අවස්ථා බහුලයි
F – දයානුකම්පාවෙන් යුතු කාරුණික චරිතයක්
G – ඔබත් එක්ක ලේසියෙන් බේරෙන්න බැහැ, තර්කානූකූලව සිතන්නෙක්.
H – නායකත්ව ගුණය හෙබි චරිතයක්
I – අන් අයට උදව් උපකාර කරන චරිතයක්
J – ඔබ ධෛර්යසම්පන්නයි
K – ඔබ බොහෝවිට සිටින්නේ නොරිස්සුම් සහගතවයි
L – අන්‍යයන්ට සතුට උපදවමින්, සිනහ උපදවමින් ජීවත්වන තැනැත්තෙක්
M – ඔබ පොඩි දෙයකිනුත් කලබල වෙන කෙනෙක්
N – ඕනෑම දෙයක් හොඳින් දැනෙන නුවනැති කෙනෙක් ඔබ
O – ඔබ අන් අයට බොහෝ උපකාර කරන්නෙක්
P – ඔබනම් තරමක් භයානක කෙනෙක්
Q – ඒ ඒ වෙලාවට එක එක විදියයි
R – බොහෝම ප්‍රායෝගික කෙනෙක්
S – ඔබ දයාබරිත හදවතක් ඇත්තෙක්
T – රැවටිල්ලෙන් බොරුවෙන් ජයගන්න හදන කෙනෙක්
U – ඔබ බොහෝම සංවේදියි.
V – ඔබ සහජ බුද්ධියක් ඇති විශිෂ්ඨයෙකි
W – බොහෝම ශාන්ත දාන්ත කෙනෙක්
X – සැරවැර නැති කරුණාවන්ත චරිතයක්
Y – හොඳ නුවණක්කාරයෙක්
Z – හොඳ ජවයක් ඇති ඔබ කඩිසරයි

මේ පුරුදු 7 තිබෙන පිරිමියෙකු නම් කවදාවත් විවාහ කරගන්න එපා

සබඳතාවයක පැවැත්ම වෙනුවෙන් ඔහු කරන පුංචි පුංචි වැරදි ඉවසා සිටිම බුද්ධිමත් තීරනයක් නෙවෙයි. එවිට ඔබට සිදු වන්නේ සදාකාලිකවම ඒ වැරදි සමග ජීවත් වීමටයි. ඔහු මේ දේවල් නිතර කරනවා නම්, මේ එම සබදතාවය ගැන තීරණයක් ගැනීමට සුදුසුම කාලයයි.

1 ඔහු සෑම විටම ඔබ පිළිබදව අවිශ්වාසයෙන් පසුවෙයි.
සෑම සබඳතාවයක්ම ගොඩනැගෙන්නේ විශ්වාසය මත. ඔහු ඔබව විශ්වාස නොකරනවා නම් ඒක ගැටළුවක්. ඔබව අවිශ්වාස නොකර සිටීමට හේතු තිබියදීත් ඔහු එසේ කරනවා නම් එම සබඳතාවයෙන් ඉවත් වීමයි කළ යුතු.

2. ඔහු ඔබ පවසන කිසි දේකට ඇහුම්කන් නොදෙයි.
බොහොමයක් සබඳතා වල පැවැත්ම සදහා ඔවුනොවුන්ම සාදා ගන්නා පුංචි පුංචි නීති රීති ටිකක් තියනවා. ඉතින් ඔහු මේ කිසිම දේකට එකඟ වෙන්නේ නැතිනම්, නොසලකා හරිනවා නම් ඒකෙ තේරුම ඔහු මේ සබඳතාවයට ගරු කරන් නෑ කියන එක.

3. ඔහු පොරොන්දු කඩන්නෙක්.
ඔහු නිතරම පොරොන්දු කඩ කරනවා නම් එහි අදහස ඔහු මෙම සබඳතාවය පවත්වාගෙන යන්නේ හුදෙක්ම විනෝදය සඳහා පමණක් බව. ඔහු ඔබේ හැඟීම් වලට කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නෑ.

4. ඔහු සිතනවා ඔහු සෑම විටම නිවැරදි බව.
තමා තුල විශ්වාසයක් ඇති කර ගැනීම හොඳයි. නමුත් පමණට වඩා විශ්වාසයෙන් පසු වීම සබඳතාවයක උනත් බිඳ වැටීමට හේතු වෙනවා. ඔහු හිතනවා නම් ඔහු පරිපූර්ණයි සහ සෑම විටකදීම නිවැරදී කියල අවශ්‍යම අවස්ථාවකදි උනත් ඔහු ඔබේ බසට නැවෙන්නේ නෑ.

5. ඔහු සෑම විටම අතීතයේ ජීවත් වීමට උත්සාහ කරනවා.
ඔහු අතීතයේ සිදු වූ ගැටුම් වාද විවාද නැවත නැවත මතක් කරනවානම් ඉන් අදහස් වෙන්නෙ ඔහු පැරණි අමනාපකම් හිතේ තියාගෙන ඉන්නවා කියන එක. මේ තත්වය සබඳතාවයක් කෙරෙහි සෘනාත්මකවයි බලපාන්නේ.

6. ඔහු බොරුකාරයෙක්.
ඔහු බොරුවක් කළ බව හසු වුනොත් ලේසියෙන් එයට සමාවක් දෙන්න එපා මොකද එක් වරක් බොරු කලා කියන්නේ නැවත නැවතත් ඒ දේ පහසුවෙන් කරනවා කියන එක. ඔබට කිසි දිනක නැවත ඔහුව විශවාස කිරීමට නොහැකි වේවි.

7. ඔහු නිතරම තම පවුලේ අය විවේචනය කරනවා.
තමන්ගේ පවුල සමඟ බැඳීමක් ඇති කරගැනීමට නොහැකි කෙනෙක් තමන් සමග බැඳීමක් ඇති කරගනී කියල විශ්වාස කළ නොහැකී. තමන් වෙනුවෙන් දෙමව්පියන් කල කැප කිරීම් පරිත්‍යාගයන් වලට ගරුත්වයක් දෙන්නට බැරි අයෙක් තුල ඔබ වෙනුවෙන්ද වටිනාකමක් ඇති වෙන්නේ නැහැ.

(පරිවර්තනය හෂී දිල්රූ)