ජංගම දුරකථනයේ සැඟවී ඇති රහස් කේත 11 ක් මෙන්න

අපි හැමෝම වගේ ළඟ අද මොබයිල් ෆෝන් එකක් තියෙනවා. ගොඩක් අය ළඟ දැන් කාලෙ නම් ස්මාර්ට් ෆෝන් පවා තියෙනව​. ඒ වුණාට අපේ ෆෝන්වල තියෙන සමහර අමුතු අමුතු වැඩ ගැන අපි දන්නෙ නැහැ. මේ ලිපියෙන් අපි කතා කරන්නේ ඒ වගේ විවිධ දේවල් සඳහා උපකාර වන කෝඩ්ස් කීපයක් ගැනයි.

1. #31# “Phone Number”
මේ මගින් පිටතට යන ඔබේ ඇමතුම් වලදී (outgoing calls) ඔබේ දුරකතන අංකය සඟවා තබනවා.

2. *#06#
මෙය නම් ප්‍රසිද්ධ කේතයක්. මේ මගින් ඔබට ඔබේ ෆෝන් එකේ ඉමි නම්බර් එක දැනගන්න පුලුවනි. ඉමි හෙවත් IMEI නම්බර් එක ඔබේ ෆෝන් එක සොරකම් කළ අවස්ථාවකදී වැදගත් තොරතුරක් වනවා.

3. *#30#
ඔබේ ෆෝන් එකේ Number Identification ක්‍රියාත්මක කිරීම හෝ නැවැත්වීම කරන්න පුලුවන් මෙම කේතය මගිනුයි.

4. *33*#
මේක සමහර විට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මේ කේතය ගැහුවාම ඔබගේ ෆෝන් එකෙන් ඇමතුම් (Outgoing Calls) ගන්නට බැහැ. ආපසු ඇමතුම් ගන්න නම් පින් නම්බර් එකක් ඇතුලත් කළ යුතුයි. ඒ #33*pin# අයුරින්

5. *3370#
මේ මගින් EFR කියන විශේෂාංගය ක්‍රියාත්මක වෙනවා. මේක සිග්නල් අඩු වුණාම වගේ අවස්ථාවල ප්‍රයෝජනවත් වනවා. නමුත් මේ නිසා බැටරි එක නම් ඉක්මණට බහින බව ඔබට පෙනේවි. #3370# මගින් මෙය ක්‍රියාවිරහිත කරන්න පුලුවන්.

6. *#5005*7672#
ඔබගේ දුරකතන සේවා සපයන්නාගේ සේවා මධ්‍යස්ථානයක නොම්මරය ඔබට සොයාගන්න මෙමගින් පුලුවන්.

7. *#*#4636#*#*
Wifi සිග්නල්, බැටරි එකේ usage එක ආදී දත්ත බලාගන්න පුලුවන්

8. *#*#7780#*#*
ආපහු ෆෝන් එක Factory Settings වලට යන්න ක්ෂණික කේතයක්. මෙමගින් ඔබ ඩවුන්ලෝඩ් කරපු Apps මැකෙනවා.

9. *#*#8351#*#*
පහුගිය දුරකතන ඇමතුම් 20 ක රෙකෝර්ඩිං අහන්න පුලුවන්.

විශේෂ කේතයන්

10. *#*#4636#*#*
මෝටරෝලා සඳහා රහස් මෙනුව​

11. *#0011#
Samsung Galaxy සඳහා සේවා මෙනුව​

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.